Saturday, November 30, 2013

රක්ෂනෙ කියන්නෙ බොරුවක්ද ? -02 මට ගැලපෙන මගේම එක



රක්ෂනය ගැන ඉතුරු විස්තර ටික ලියන්න ටිකක් පරක්කු වුනා. ගැන සමාව භාජනෙකට දාල දෙන්න හොදේ.

 මුල් කොටස කියෙවුවෙ නැත්නම් ඒකත් කියවලම  එන්නකො.මෙන්න ලින්ක් එක "http://damgune.blogspot.com/2013/10/blog-post_26.html"

අපි ඉතින් බස් රෙඩියො එකෙත් මේ ගැන කතාකලා.අහපු නැති අය ගිහින් අහන්නකො. මෙන්න ලින්ක් එක "http://blog.buzzradio.lk/2013/11/blog-post_27.html#.UplRNieNA18"

 

දැන් බලමු ඉතුරු විස්තරෙ.දැන් ඔයාල වාහනයක් රක්ෂනය කරනව නම් මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඔන ?
පොලිසියට පෙන්නන්න නම් ත් ර්ඩ් පාර්ටි ඉන්සුරන්ස් (third party insurance) එකක් ගත්තම ඇති.
ලීසින් එකෙන් කියන නිසා නම් ලීසින් එකට ඔන ටික කලාම ඇති.
හැබැයි  වාහනෙට ඇක්සිඩන්ට් එකක් වුනාම සිද්දවුන  පාඩුව පියව ගන්න නම්  ඉන්ෂුරන්ස් එකක් ගන්නෙ, මෙන්න මෙව ගැන ඔයාල ටිකක් සැලකිලිමත් වෙන්න.



මොකද මම එහෙම කිවුවෙ සමහරු ෆුල් ඉන්ෂුරන් (full insurance) කරනකොට කරන්නෙ ලීසින් එකෙ උවමනාවට විතරයි.එකනිසා බලන්නෙ කොහොමද අඩුම ගානට ෆුල් එකක් දාගන්නෙ කියල.අනතුරක් උනාම  ඉන්ෂුරන්ස් සමාගම දොස් කියනව


"අපි දන්නෙ නැ,අපිට කිවුවෙ නැ,ලීසින් එකෙන් තමයි ඔක්කොම කලේ   " කියල.ලීසින් එකෙන් කලානම් එයාලට උවමනාව ටික කෙරිල ඇති.



මුලින්ම බලන්න වාහනෙ නියම වටිනාකමට රක්ෂනේ කලාද කියල.

කියන්නෙ වර්ථමාන වටිනාකමට රක්ෂනෙ කරගන්න.එකෙදි ඔයාල දිගටම රක්ෂනෙ කරගෙන යනව නම් හැම අවුරුද්දකම අලුත් කරද්දි සැලකිලිමත් වෙන්න වටිනාකම අප්ඩෙට් කරන්න. වාහනේ  වටිනාකම රක්ෂනෙ තියෙන ගානට වඩා වැඩිවෙලා නම් වැඩිකර ගන්න,අඩුවෙලා නම් අඩුකර ගන්න.

මතක තියාගන්න වැඩියෙන් කලත් අඩුවෙන් කලත් වෙන්නෙ පාඩුවක්.
වැඩියෙන් කලොත් රක්ෂනෙ කරන්න යන මුදල වැඩිවෙනව.නමුත් කිසිම ප්රතිලාබයක් වැඩිවෙන්නෙ නැ.

අඩුවෙන් කලොත් රක්ෂන වන්දියක් ගන්න ගියාම ලැබෙන මුදල අඩුවෙනව.
ඉලගට ඔයාල තමන්ගෙ වාහනෙන්  කරන්න යන කර්යය මොකක්ද කියල පැහැදිලිවම කියල එකට හරියන විදියෙ රක්ෂනයක් ගන්න.

කියන්නෙ  පුද්ගලික පවිච්චියද              (privet use )
                      රියදුරු සහිතව කුලී ගමන්ද   (hire)
                      රියදුරු රහිතව කුලී ගමන්     (rent)                   කියල.

මෙ ගැන මම පහුගිය ලිපියෙන් පැහැදිලි කලා

 හරි දැන් ඔයාල නියම වටිනාකමට තමන්ගෙ වාහනේට ගැලපෙන ෆුල් ඉන්ෂුරන්ස් එකක් තෝරගත්ත.හැබැයි එහෙම කලා කියලා ඔක්කොම සම්පුර්න වෙන්නෙ නැ.

දැන් ඔයාල බලන්න ඔයාලට  අවශ්යවෙන අතිරෙක ආවරන මොනවද කියල.
අතිරේක ආවරන ටිකත් මම කලින් ලිපියෙ ලියල තියෙනව එක බලල පුලුවන් අදහසක් ගන්න්න.

හරි,දැන් එකත් හරි .

ඉලගට ඔයාල  අදාල සමාගමෙන් තවත් මොනවහරි දැනගන්න  පැහැදිලිකර ගන්න තියෙනවනම් අහන්න්න.ඔයාලට පැහැදිලි උත්තරයක් ලැබෙනකම් විස්තර කරවගන්න.

එක එක රක්ෂන සමාගම් වලින් පුර්න රක්ෂනයට නොයෙක් විදියෙ සෙවාවන් අමතරව එකතුකරල තියෙනව. එව ගැනත් හොදට දැනුවත් වෙන්න.

මෙ අතිරේකව එකතු කරල තියෙන සෙවාවන් සමාගමෙන් සමාගමට වෙනස්. ඒක සමාගමක දෙන සේවාව තවත් සමාගමකින් දෙන්නෙ නැ.එක නිසා ඔයාල එව ගැන රක්ෂනෙ ගන්න සමාගමෙන් අහල දැන ගන්න.

විශෙෂයෙන් කියන්න ඔන මෙ සෙවාවන් සමාගම තම කැමැත්තෙන් දෙන සෙවාවන්.රක්ෂන ගිවිසුමට ඇතුලත් නොවෙන.ඉතින් සමාගමට කැමැතිනම් තමයි එකතු කරන්නෙ.

හරියට අර එක තැනකින් ටිවි එකක් ගන්න කොට අයන් එකක් නොමිලෙ දෙනව,අනිත් තැනින් නැ  වගෙ. Free issues කියන එව.

උදාහරනයක් හැටියට සමහර සමාගමකින් කාරෙකක් හැපුනම හදන්න යන කාලෙ අනුව වෙන කාරෙකක් පවිච්චියට දෙනව,තව සමාගමකින් කාරෙකක් රෙන්ට් එකට ගන්න සල්ලි දෙනව,තව සමාගමකින් ඔය මොනවත් දෙන්නෙ නැ.

ඉතින් එක සමාගමකින් දෙනව කියල දේම තමන් ගන්න  එකෙත්  ඇති කියන සිතුවිල්ලෙ ඉදල,වාහනෙ හැපුනම  අහන්න එපා.ඒව ගැන රක්ෂනෙ මිලදිගන්න කොට අහල පැහැදිලිකර ගන්න.

වැදගත්ම දේ තමයි තමන්ට හදිසි අනතුරක් උනාම රක්ෂන සමාගම දැනුවත් කලයුත්තෙ කොහොමද සහ ඊට  අදාලව වෙනත් කලයුතු දේ මොනවද කියල පැහැදිලිව අහගන්න ,මතක තියාගන්න.


හරි දැන් ඔන්න නියම විදියට රක්ෂනයක් ගත්ත.

දැන් බලමු ඉට පස්සෙ එන ගැටලු මොනවද කියල .

හරි,දැන් ඔයා අවුරුද්දකට රක්ෂනේ අරන් තියෙද්දි ටික දවසකින් වාහනෙ විකිනුවොත්  රක්ෂනේට මොකද කරන්නෙ,අලුත් අයිතිකාරයට දෙනවද ?
පැහැදිලිවම වාහනෙ විකුනපු අවස්තාවෙම රක්ෂන ගිවිසුම අවලන්ගු වෙනව.එකනිසා අලුත් අයිති කෙනාට  දුන්නට වැඩක් නැ.

  රක්ෂන ගිවිසුම අවලන්ගු වෙන්නෙ ඇයි කියල මම කියන්නම්.මෙකට අපි ගනිමු මුලින් ගත්ත උදාහරනෙම.

ලක්මාල්ගෙ කාරෙක.

හරි,දැන් ලක්මාල්ගෙ බෙන්ස් එක ලක්මාල් විකුනනව කුමාරට.විකුනල ලක්මාල්ගෙ ෆුල් ඉන්සුරන්ස් එකත් දෙනව කුමාරට.

ඔන්න ඔහොම තියෙද්දි කුමාර අතින් වාහනෙ හැපෙනව.රක්ෂන සමාගමටත් කියනව.ඔන්න දැන් තමයි ප්රශ්නෙ මතුවෙන්නෙ.

දැන් ගිවිසුමෙ හැටියට සමාගම ගෙවන්න බැදිල ඉන්නෙ මෙ වාහනෙට වෙන අනතුරකින් ලක්මාල්ට වෙන පාඩුව ගෙවන්න.මොකද රක්ශන ගිවිසුම තියෙන්න ලක්මාල් එක්ක,ලක්මාල්ගෙ නමට.

දැන් මෙ වාහනෙ විකුනල වටිනාකම ලක්මාල් කුමාරගෙන් අරගෙන තියෙන්නෙ.එතකොට මෙ කාරෙකට මොනව උනත් එකෙන් ලක්මාල්ට වෙන පාඩුවක් නැ.එක නිසා රක්ෂන සමාගම ලක්මාල්ට ගෙවන්න මුදලක් නැ.

එතකොට කුමාරට ?

කුමාරත්  එක්ක සමාගමට ගිවිසුමක් නැ.එකනිසා කුමරගෙ පාඩුව ගැන සමාගමට වගකිමක් නැ.

මෙ හේතුව නිසා අදාල වාහනේ අන්සතුවෙනව එක්කම ෆුල් ඉන්ෂුරන්ස් එක අවලන්ගු වෙනව.


දැන් ඔයාලට හිතෙන්න පුලුවන්  වාහනේ පොත ට්රන්සර් කරල නැත්නම් ගැටලුවක් වෙන්නෙ නැ නේද කියල.

ඔව්,එහම පරන අයිතිකරු, කියන්නෙ රක්ෂනේ නමතියෙන කෙනා ඉදිරිපත් වෙලා වන්දිය ගන්නත් පුලුවන්.
 
එත් හිතන්න ලොකු අනතුරකින් ජිවිතත් නැතිවෙච්ච වගෙ වෙලාවක පරන අයිතිකාරය ඉදිරිපත් වෙවිද මෙක  තමන්ගෙ වාහනෙ කියල.

වාහනෙට විශාල හානියක්,වෙනත් දෙපල වලට හානියක් ,තෙවන පාර්ශව ජිවිත හානියක් වගෙ වෙන අවස්තාවක  නීතිමය ක්රියාමර්ගයක් යන්නවෙන වෙලාවකට පරන හිමිකරුව ඉදිරිපත් වෙවිද ?

ඔයවගෙ වෙලාවක තමයි රක්ෂනේ සහය අවශම වෙන්නෙ.
එක නිසා මගෙ අවවාදය නම් අවධානම ගන්න එපා.

එතකොට මොකක්ද කරන්න ඔන

මුලින්ම  වහාම අදාල රක්ෂන සමාගමට දැනුම් දිල ගිවිසුම අවලන්ගු කරගන්න.ඉන් පස්සෙ පුලුවන් අලුත් හිමිකරුට හරි පරන හිමිකරුගෙ අලුත් වාහනෙට හරි ඉතිරි මුදලත් යොදල අලුත් රක්ෂනයක් ලබාගන්න.

 මෙතනදි මම වහාම අවලන්ගු කරන්න්න කිවුවෙ පහුවෙන්න පහුවෙන්න ඉතුරුවෙන මුදල අඩුවෙන නිසා.

මෙතනදි ඉතිරි මුදල වෙන්නෙ රක්ෂන ගිවිසුම වලගුව තිබුන කාලයට  අඩුකරල ඉතිරි කොටස.මෙතනදි රජයට ගෙවන බදු මුදලත් අඩු වෙනව.

රක්ෂනෙ හිමිකරුට පුලුවන් ඉතිරිය මුදලින් ලබා ගන්නත්.හැබැයි එතනදි උඩින් තියෙන ඔප්ෂන් එකට වඩා පාඩුයි.

මේක මෙ ලිපියෙන් අවසන් කරන්න හිටියත් හිතුවට වඩා දිගයි කියල හිතුන.එකනිසා රක්ෂන වන්දි නොලැබෙන්න පුලුවන්ද ? එකට හෙතු මොනවද කියල අපි ඊලග ලිපියෙන බලමු.