Monday, October 20, 2014

සිහින ලොවින් පියවි ලොවට





මගේ හිතේ තියෙන ආදරේ ඔයාට තේරෙනවා නම් දැනෙනවා නම් ඔයාට දරාගන්න බැරුව පපුව පැලෙයි.

අදත් මා එක්ක ආදරෙන් ඉදලා ලගින්ම ඉදන් කතාකරලා මාවතුරුලු කරන් අමුතුම ලෝකයක තනි උනු අපි දෙන්නට මොකද දෙයියනේ මෙහෙම උනේ.
''මට මේක ඉවසන්න බෑ මගේ මහත්තයෝ''.

මට මතක එපමනකි.යලිත් මා පියවි සිහියට පැමිනියද එසේ බොහෝ වේලාවක් සිටීමට මා හට නොහැකි විය.
මන්ද මා මාගෙ පනටත් වඩා ආදරය කරන මාගේපණ අද මා ලග නොමැති බැවිනි.
දරුවන් නොමැතිනම් මා මේ සියල්ල අතහැර ගොස් අවසානය.
මා නොදැනීම මාගේ දෙතොල් පිට පෙරලෙනු දැනෙයි.

ශරීරය උනුසුම්වී වී පපුව ගැහෙන වේගය වැඩිවීමත් සමගම මා හට නැවත වරක් මහා හයියෙන් කෑ ගසා හඩන්නට සිතුනද බිමබදාගෙන අඩන්න සිතුනද එය කල නොහැකි එක කාරනයක් තිබිනි.
අපගේ දරුවන්ය.

මට පුදුම අසරන කමක් පපුව පසාරු කරන්නාක් මෙන්දැනෙන්නනට විය.ඔහු මා හට මෙසේ කරන්නේ කුමක් මා අතින් සිදු වූවාටදැයි මා හට නොතේරෙයි.
''මීට පැය කිහිපයකට කලින් ඔයාගෙ හුස්ම මගේ මුහුනට වැටෙන ලගින් නේද වස්තුවේ හිටියේ.''මීට පැය කීපයකට කලින් නේද අපි දෙන්නා අපි දෙන්නගේ සුවද වින්දේ.

''කොහොමද ඔයා ඔච්චර ඉක්මනට මාව අමතක කලේ.ඇයි ඔයාට මගේ උනුසුම එපාඋනේ.මම මොකක්ද දෙයියනේ කරපු වරද?
මගේ මුලු ඇගම හිරි වැටිලාක් මෙන් දැනෙන්නට විය .
මා හට පිස්සු දැයි විටෙක මට සිතෙන්නට විය.

තනිවම කා හටවත් නොඇසෙන්නට මා කියවමින් හඩයි වැලපෙයි.
වෙනදාට පුන්චි දෙයටත් මා අඩනා විට හිස අතාගා මා සනසන මගේ පණ , අද මා දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකරයි ,.සත්තකින්ම මා ජීවත් විය යුතුයිද.?
''මේ කදුලුවෙලා ගලන මගේ ආදරේ ඔයාට වටින්නේ නැද්ද මහත්තයො.
අපේ නිවන තිබුනු මේ ගෙදරට ඇයි මෙහෙම ගිනි ගොඩක් ගෙනාවෙ.මගේ කදුලු ඔයාට වටින්නෙ නැද්ද?

මේ ගෙදර ගෑණු දෙන්නෙක්ට ඉන්න බෑ වස්තුවේ.
ඔය පපුවෙ ලෝම අස්සෙ ගුලි වෙන්න ආසකලේ මම විතරයි .ඒක තව කෙනෙක් එක්ක බෙදාගන්න මට බෑ.
උනුසුම වින්දෙ මම විතරයි.ඔය පපුව දෙන්න එපා කාටවත්.මාව මැරෙයි දෙයියනේ.මට බෑ ඔයා නැතිව.
ඔය ගෑනිව යවනවා....නැත්නම් මාව මරලා දානවා....හැඩුම අතරින් මගේ ස්වරය තරමක් වියරු ස්භාවයක් ගත්තද එසැනින් යලිත් හඩන්නට විය.

ඔය ගෑනි කාමරේට දාල දොර වහගත්තට කොහොමද ඔයා ඉන්නේ.ඔය ඇදේ අපේ මතක තියෙන්නේ...........,අපේ සුවද තියෙන්නේ..............,ඔයාට බෑ මට රිද්දන්න...........
සත්තයි මම මැරෙනවාමහත්තයෝ
කියලා බිත්තියට ඔලුව ගහනවාත් සමගම දරු පැටියා ඇහැරිලා අඩන්න පටන් ගත්තා.
මාද තිගැස්සී ඇහැරුනෙමි.

Monday, October 6, 2014

බට්ටි



වේවැලක් අතින් ගෙන
ජිවිතය නොසලකා
සාරධරමය රකිමි
කියා ඉදිරියට පැන
පාරේයන වේසියන් තලා දඩුවම් කරන
නිලධාරි මහතුනේ
අපි ඔබට ණය ගැතියි
අපි ඔබව රකින්නෙමු
අපි ඔබව රකින්නෙමු

නුබලාට අමතකද
තන්ගල්ල පුරයෙදි
සුදුනන්ගි කෙනෙක්ගෙ
පතිවත බිදින්නට
කැසකවපු පරයෙක්ව
එලොවයැවුවා අපේ
මහාජන වීරයෙක්...........

පිරිමින්ව පැහැරගෙන
කාමරෙ දමාගෙන
දුෂනය කරන මේ
බට්ටිලා ඉන්නකන්
කොහොම  ගොඩනගන්නද
ධර්මිෂඨ සමාජය........

පෝලිමට වරෙල්ල
ගල් රැගෙන වරෙල්ල
මරා වනසා දමා
ගොඩනගා සැනසෙන්න
දහස් ගනනක් වසර
පැරණි ශ්‍රි විභුතිය
රැකගන්න වරෙල්ල

සුපිරිසුදු හදවතක්
නිකැලැල්වු චරිතයක්
සැටිපිකට් සමග ඇති
පවු නොකල මිනිසුනෙ
වරෙවු අත ගලක් ගෙන
මේ වේස බටිටියට

පලමු ගල ගසන්නට................................

Sunday, September 21, 2014

කාලකන්නියෙක්ද?


කුමාර කියන්නේ ඔහුගේ අන්වර්ත නාමය.පවුලේ එකම දරුවා වු ඔහු ඉතා දුක් කම් කටොලු මැද ජීවත් වූ අතර පියා නොමැතිව ඔහු ජීවත් කරවන්නට අම්මාට බොහෝ කරදර වලට මුහුන දෙන්නට සිදු විය.

මේ දරුවා ජීවත් කරවීමට ඔහුගේ මව විසින් අප මේ සමාජයේ නොකල යුතු යැයි සම්මත රැකියාවක් කලා යැයි මේ සිද්දියෙන් පසුව අනාවරනය වන්නට විය.

පියාගෙ බීමත් කමේ ප්‍රතිවිපාක විදින්නට සිදු වුයේ අම්මාට පමනක් නොවේ කුඩාකල සිට කුමාරටද අත්විදින්නට සිදුවිය.හරි හම්බ කරන කීයක් හරි රා කට්ටකට ගෙවීමට ඔහු මහා රුසියෙකි.කුමාරගේ අම්මා තැනින් තැන ගොස් කුලී වැඩක් කර ලබා ගන්නා සොච්චම් මුදලින් යන්තම් ජීවිතය ගැටගසා ගැනීමට ප්‍රමානවත්ය.

අඩුපාඩු මැද කුමාරගේ ඉගෙනීම අතර මැද කඩාකප්පල් වේ.තැනින් තැන රස්තියාදු වුනු කුමාරට ඉතා අඩු සුදුසුකම් යටතේ යුධ හමුදාවට ඇතුලත් වීමට අවස්තාවක් හිමිවේ.

අතිමහත් ප්‍රිතියටත් උද්දාමයටත් පත් වු ඔහු සාර්තකව පුහුනු කාලය ගෙවා, පලමු නිවාඩුව ගතකර ගැනීමට තෝරා ගන්නා ලද්දේ ගමේම තරමක් දඩබ්බරකම් ඇති සමකාලිනයෝ කිහිප දෙනෙකි.අතේ මුදල් නැති කල ඔහුට හිනාවකින්වත් සන්ග්‍රහ නොකල අය අද ඔහුගේ අතිජාත මිත්ත්‍රයින් වී හමාරය.

පලමු නිවාඩුව ගතවී යලිත් ඔහු රැකියාවට යන්නේ අතේ ගමන්ගාස්තුව පමනක් තබාගෙනය.කුඩාකල විදි දුක් එක රැයින් අමතක වන ඔහුට අනාගතය ගැන කවර කතාද?එසේනොවේ නම් ඔහුට සකසුරුවම ගැන වුවමනාවක් නොතිබෙන්නට පුලුවන.

කෙසේ වෙතත් මේ අතර ඔහු තවත් ගැහැනු ලමයකු හා සම්බන්දයක් පටන් ගෙන නිතරම ෆෝන් එකෙන් ඇය හා ආදරයේ මිහිර විදින්නටද පෙලඹි ඇත.ඔය අතරේ නැවතත් ඔහුට නිවාඩු යන දිනය ලන් විය. මේ යන නිවාඩුව කුමාරගේ ජීවිතයේ ඉරනම තින්දුවන කාලය බව කුමාර දැන සිටියේ නැත.කුමාරගේ අම්මාද ඒ බැවු දැන නොසිටින්නට ඇත.

නිවාඩුවේ දින එක දෙක ගෙවීයාමත් සමගම එක් යහලුවෙකු කුමාරගේ කනට කොදුරා රහසක් කියන්නට විය.ඒ සැනින් ඔවුන් එතැනින් නික්ම ගියහ.යහලුවන් නගරයේ එක් ස්ථානයක කාන්තාවන් සපයනා බවට දුන් ආරන්චියකට කුමාර මෙතැනට ආ බව පසුව දැන ගන්නට ලැබිනි.

ඒ අනුව කුමාර සහ යහලුවන් කුමාරගේ වියදම යටතේ කාමර තුනකට ඇතුලු විය.අවාසනාවක මහත කියතොත් කුමාරට ඇස් අදහා ගත නොහැකි විය.ඔහුගේ කටින් ''අම්මා'' කියා පිට වූවා පමනි.කුමාරගේ මවටද උන් හිටි තැන් අමතක වූවා සේ වහා කාමරයෙන් පිට වී දිව ගියෝය.


දෙදෙනාම නැවත ඔවුනොවුන් නොදකින්නට හිත හදා ගත්තා විය හැක.මව වස පානය කර සහ කුමාර ගෙල වැල ලා එක ම දිනයක ජීවන ගමන නිමාකරන්නට විය.

ඔවුන් සිත් තුල කුමන ගැටලු මතු වූවදැයි අමුතුවෙන් රසකර කීමට අවශ්ය නොවේ.වරද කාගේදැයි සොයා වෙහෙස නොවී මෙවන් වැරදි නොවීමට වග බලා ගැනීම සමාජයේම විශාල වගකීමකි.

ලිවුවෙ- දුලානි ගුනවර්ධන-