Wednesday, April 16, 2014

බුදු හාමුදුරුවන්ට ඇනගැහිම සහ 20

මහාචාර්ය මාතලන් තුමාගෙ අවුරුද්ද ගැන පොස්ට් එක කියවනකොට මට මතක් වුනා කතාවක්.කතාව කියන්න කලින් කියන්නෙ මෙක විහිලු කතාවක්.තනිකරම විහිලු කතාවක්.



ඔන්න එහෙනම් තිස්තුන් කොටියක් දෙවිදෙවතවුටත් වඩා බුද්ධාගම අයිති නානසාරගෙන් අවසරයි කියල කතාව කියන්නයි යන්නෙ.

මේකෙ කතානායකය ඇවිල්ල දවසගානෙ අනුමත වෙන ජාතියෙ ඩයල් එකක්.මිනිහට වෙසක් සතියෙ බොන්න හොයාගන්න විදියක් නැතුව ඇවිදල ඇවිදල පට්ට මලෙන් ඉන්නෙ දැන්.

දවස් දෙක තුනක්ම බාර්වහලොඅ නිසා මිනිහට හරි අමාරුයි.ඇවිදල ඇවිදල  මහන්සි වැඩිකමට එකතැනක ටවුන් එක මැද නතරවෙලා ඉන්නගමන් ටිකක් උඩ බැලුවම මිනිහ දැක්ක ටවුම පැත්තකාටවෙන්න කන්දක් වුඩ තියෙන පල්ලියෙ ටුඩම ගහල තියෙන ජෙසු කුරුසෙට ඇන ගහල තියෙන පිලිමෙ.

මෙක දැක්ක විතරයි මිනිහට මතක් වුනා ජෙසු ඉපදුන නත්තල කාලෙට තියෙන ආතල්.කොහොමදා ආයෙ කියල වැඩක් නැ නේ.

මිනිහට මල ඉවසගන්නම බැරුව මෙහෙම කියවුනාලු.(අනෙ මටනම් ඇහුනෙ නැ.මෙව මෙ රට්ටු කියන්නෙ )

"මුන්ගෙ අම්මට --------,බුදුවෙන්න ඔන එකා ඇන ගහල,ඇනගහන්න ඔන එක බුදුවෙලා"

ඔක කියවල විතරක් ඉන්නෙ නැතුව 20 ඉරිද තියෙන අවුරුදු උත්සවෙටත් එන්ඩලා.නලින් අයියල තමන්ගෙ කාලය ශ්‍රමය වැයකරල කරන දේට සප් එකක් හැටියටත් ලොකු ෆන් එකක් ගන්නත් එක්කල එන්න හොදේ.

වැඩි විස්තරනම් දැන් ඔනවෙන එකක් නැ.ලියාපදින්චිය දැන් ඉවරයි.එත් එදාට එන හැමොම එයාල සතුටින් පිලිගන්නව.මෙතනින් එ ගැන බලන්න


ලැබුවාවු නව වසර ඔබටත්  පවුල් වෙලානම් මුලු පවුලටමත් ,තව අල්ලපු ගෙහ්ඩර අයටත් සුභම සුභ නව වසරක් වෙවායි පතම්මු.තව ඉන්දන මිල වැඩිනෙවෙවා,බඩු මිල වැඩි නොවෙවා,බස් ගස්තු වැඩි නොවෙවා කියාත් පතමු.(මු කියල ඉවරකොරෙ මෙක ඇවිල්ල මගෙ ගෙදර උන්දැගෙනුත් එක්ක හරිය )

Saturday, April 5, 2014

අරවින්දගෙ අන්දරෙ සහ වම්බටු


හිරු එෆ් එම් එකෙ අරා කියපු මගෙ හිතට වැදුන කතා දෙකක් මම කලින් ලිවුවනෙ.එවට හොද ප්රතිචාරයක් ලැබුන නිසා වගෙ අහන්න ලැබුන තවත් කතාවක්  ලියන්න කියල හිතුන.මෙක මෙ අරා ගොයිය අන්දරෙ ගැන කියපු කතාවක්.

කලින් එව බලල නැත්නම් මෙතනින් සහ මෙතනින් බලන්නකො.

මෙතන ඉදල මම අරා කියපු විදියටම කියන්නම්.

ඔන්න අන්දරෙ දවක් රජතුමත් එක්ක වීදි සන්චාරයක් යනවලු.

 රජතුමත් ඇවිල්ල ගමෙ ගොඩෙ හැදිල ,කුරන්කන් කාල,වෙලෙ සෙල්ලම් කරල පුරුදු නිසා ඔන්න දෙන්න එක්ක යනවලු ගම්මාන පැත්තෙ.ඔය යන අතරෙ වයක අම්ම කෙනෙක්ගෙ ඔලුව අතගාල,පොඩි දරුවෙක් වඩාගෙන  ජනදුක ගැන හොද අවබොධයක් එහෙම  ගන්න පුලුවන්නේ.

දැන් ඔහොම ගම මැදින් යනකොට තිබිල තියෙනව වම්බොටු වගා කරපු ඉඩමක්.රජ මැදුරෙ ඉන්න කිචන් එක බාර එවුන් ඉතින් හැමදාම  කැරට් බීට් බොන්චි මාලු මිරිස් වගෙ පොශ් එලවලුම උයල  රජාට කවනව හැර මෙ වගෙ ගොඩෙ එලවලු ගෙන්නෙ නැහැ නේ.

 හැබැයි රජතුමා පොඩිකාලෙ පොරගෙ ආත්තම්ම හදල දිල කාපු වම්බොටුවල රස මතක් වුනා.
ඔන්න රජතුම අන්දරෙගෙන් අහනව

" අන්දරෙ මෙ වම්බටු කියන්නෙ හොද රස කැමක් නේද?"

අන්දරෙත් ඉතින් පැන්න ගමන් කියනව

"නැතුව රජතුමනි, නැතුව,මෙව දිව්  හොජන,මොව වවන අයට රාජ සම්පත් දෙන්න ඔන.ගමවර දෙන්න ඔන,"


මෙක අහපු ගමන් රජතුමා  නියොගයක් පැනෙවුව වහාම රොයල් කිචන් එකට වම්බොටු හදන්න කියල .

දැන් ඉතින් කිචන් එකෙ ඉන්න සෙට් එකක් වම්බොටු හදනව තුන් වේලටම,උදෙට මොජු දානව,දවල්ට කිරට හදනව,රෑට තෙලට දානව,තව ඩෙවල් දානව,අරවද මෙවද කොටියයි වැඩ
ඔහොම ටික දවසක් යනකොට රජතුමාට වම්බොටු දකිනකොට අප්පිරියවුනා.

ඔන්න ආයිමත් දවක දෙන්න එක්ක යනව අරවගෙ සන්චාරයක.ඔන්න එදත් දකිනව අරවගෙම වම්බටු වගාවක්.මෙක දැක්ක විතරයි රජතුමාට නිකන් වමනෙට එන්න වගෙ
 
රජතුමා අන්දරෙට කියනව

" බන් අන්දරෙ මෙ වම්බටු කියන්නෙ මාර සවුත්තු කැමක් නෙ.මිනිස්සු මෙව මොකට වවනවද මන්ද"

මෙක ඇහුන ගමන් අන්දරෙ කියනව

"සම්පුර්න ඇත්ත රජතුමනි,සම්පුර්න ඇත්ත.මෙව මහ දහ ජරාවක්.මෙව වවන වුන් උල තියන්න ඔන.පවුල් පිටින් මුහුදෙ ගිල්ලන්න ඔන"කියල

මෙක ඇහුන විතරයි රජතුමාට මතක් වුනා කලින් දවසෙ අන්දරෙ කියපු කතාව. 

රජතුමාට ගොඩාක් ඉස්සර කරපු මෙ රටෙ හිටපු රජාට විරුද්ධව වාජිනි වලට ගිහින් කියපුව අමතක වෙලා දැන් එහෙම කරන වුන්ට බැන්නට ගෙඩාක් මැතක වෙච්ච දෙයක් නිසා මෙක මතක තිබුන.

රජතුමා අන්දරෙගෙන් ඇහුව

" බන් අන්දරෙ උබ එදා කිවුව නේද මෙව රාජ බොජනය,වවන වුන්ට තැගි දෙන්න ඔනය කියල,දැන් මොකද මෙ  පස් පඩන්ගුවෙ බනින්නෙ.උබ වචන දෙකෙ මිනිහෙක්නෙ බන්"

අන්දරෙ කලබලවුනෙ නැ.මිනිහ දුන්න මෙහෙම උත්තරයක්

"ඔක මෙහෙමයිනෙ රජතුමනි,මම වැඩ කරන්නෙ ඔබතුමාට මිසක් වම්බටුවලට නෙමෙයි නේ"